• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය (Anti - Corruption Committee Secretariat- ACCS) අඛණ්ඩව පවත්වාගෙන යාම
- බරපතළ වංචා සහ දූෂණ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම හා ඒවා සම්බන්ධයෙන් වන විමර්ශනයන්ට පහසුකම් සැලසීම පිණිස දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය (ACCS) අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් 2015 වර්ෂයේදී ස්ථාපිත කෙරිණි. දැනට මෙරට පවතින දූෂණ විරෝධී ආයතනික ව්‍යූහය ප්‍රතිව්‍යූහගත කිරීම සැලකිල්ලට බඳුන් වෙමින් පවතින අතර, එක්සත් රාජධානියේ බරපතළ වංචා කාර්යාලය (Serious Frauds Office of the UK) හා සමාන පූර්ණ බලැති බරපතළ වංචා කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, දූෂණ විරෝධී නව ආයතනික ව්‍යූහයක් හඳුන්වා දෙන තුරු දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ මෙහෙයුම් කටයුතු වර්තමාන ස්වරූපයෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.