• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම
- සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ පැවැත්වීමට නියමිත, 'ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා වන රාජ්‍ය අංශයේ නායකත්ව වැඩසටහන' (Public Sector Leadership Programme for Senior Officials from Sri Lanka) නමැති පස්දින පුහුණු වැඩසටහනක් සිංගප්පූරු රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමනු ලැබ ඇත. එම වැඩසටහන, එක් වරකට පුහුණුලාභීන් 35 දෙනා බැගින් වන සේ කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාවට නැංවීමට යෝජනා වී ඇත. ඒ අනුව, ලබන මාසයේ සිංගප්පූරුවේ සිදු කිරීමට නියමිත ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිල සංචාරය අතරතුරදී රජයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය සමඟ අව‍බෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.