• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාග්ධන ලැබීම් මත වූ බදු ක්‍රමය නැවත හඳුන්වා දීම
- පසුගිය දශක කිහිපය තුළ රටෙහි පෞද්ගලික ප්‍රාග්ධනයෙහි විශාල වර්ධනයක් සිදු වී ඇත. ඒ සඳහා රජයේ අරමුදල් මඟින් සිදු කරනු ලැබූ මාර්ග සංවර්ධනය වැනි මහා පරිමාණයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන් දායක වී ඇති අතර, විශේෂයෙන්ම එම ව්‍යාපෘති නිසා ඉඩම්වල වටිනාකම ඉහළ යාම හේතුවෙන් බදු ගෙවීමකින් තොරව විශාල ප්‍රමාණයේ ප්‍රාග්ධන ප්‍රතිලාභ ලබාගැනීමට ඉඩම් හිමියන්ට හැකියාව ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ආදායම් බෙදී යාමේ විෂමතාව වැඩි වී ඇත. මෙම තත්ත්වය නිවැරදි කිරීම පිණිස ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද (Capital Gains Tax -CGT) නැවත හඳුන්වා දීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ කාරක සභාව එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව නව ප්‍රාග්ධන ප්‍රතිලාභ බදු ව්‍යූහයක් කෙටුම්පත් කිරීම පිණිස ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ සභාපති වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.