• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු මැද හා වයඹ පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජ දහඅටක් (18) ප්‍රදානය කිරීම
- ග්‍රාමීය ප්‍රදේශ සහ ඒවා ආශ්‍රිතව පිහිටි ප්‍රධාන සමාජ - ආර්ථික මධ්‍යස්ථාන අතර ප්‍රවේශ ගමන්මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින්, ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ යටතේ උතුරු මැද හා වයඹ පළාත්වල සියලුම දිස්ත්‍රික්කද කළුතර දිස්ත්‍රික්කයද ආවරණය වන පරිදි ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග කොටස් 18ක ඉදි කිරීම්වලට අදාළ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ 18ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.