• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය, කැලණිය, කොළඹ, යාපනය, රජරට, සෞන්දර්ය කලා සහ නැ‍ඟෙනහිර යන විශ්වවිද්‍යාලවල සහ කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රජයේ විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කොට දැනට අධ්‍යාපනය ලබන හා ඉදිරියේදී තාක්ෂණ උපාධි හා අනෙකුත් උපාධි පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම පිණිස රජය විසින් ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත. 2016 වසර අග වන විට තාක්ෂණ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුසිසුවියන් 1,825ක් ඇතුළත් කරගැනීමට අපේක්ෂිත අතර 2017 වසරේ සිට ඉදිරියට 5%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයකින් සිසුසිසුවියන් ඇතුළත් කරගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. එමෙන්ම ඉදිරියේදී මෙම පාඨමාලා අනෙකුත් විශ්වවිද්‍යාලවලද ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ආර්ථිකය තුළ පවතින සංවර්ධන අවශ්‍යතාවලට හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට උචිත වෘත්තීයමය වශයෙන් දක්ෂ උපාධිධාරින් පිරිසක් බිහි කිරීමේ අරමුණින් 2016 වර්ෂයේ රුපියල් මිලියන 484ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ද, 2017 හා 2018 වසරවලදී පිළිවෙළින් රුපියල් මිලියන 3,381කින් හා රුපියල් මිලියන 1,074කින් යුත් ඇස්තමේන්තුගත පිරිවැයක් සහිතව, විශ්වවිද්‍යාල අටක (08) පීඨ ගොඩනැඟිලි, පරිගණක ඒකක, පුස්තකාල හා පර්යේෂණ ගොඩනැඟිලි ආදී යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.