• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ, ගෝනපොල ටයර් කර්මාන්තශාලාවක් ඉදි කිරීම සඳහා ඉඩමක් වෙන් කිරීම
- අලුතින් නිපදවන ලද සහ නැවත පුරවන ලද රබර් ටයර් හා ටියුබ් අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්ෂිකව උපයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 471ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ මුළු රබර් අපනයනයෙන් 61.9%ක් ලෙස ගණනය කර ඇත. මෙම ක්ෂේත්‍රයේ කර්මාන්ත තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75ක ආයෝජනයක් සහිතව වර්ෂයකට ටයර් මිලියන 3ක ධාරිතාවක් සහිත ටයර් නිෂ්පාදන කම්හලක් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.