• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම
- දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තා නියෝජනය අවම වශයෙන් 25%කින් වත් වැඩි කිරීම සඳහා වන වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව පළාත් සභා ඡන්ද විමසීමේදී එක් එක් පළාත් සභාව සඳහා ඒ ඒ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන නාමයෝජනා පත්‍රයේ සඳහන් මුළු අපේක්ෂකයන් සංඛ්‍යාවෙන් 30%කට නොඅඩු සංඛ්‍යාවක් කාන්තාවන්ගෙන් (අපේක්ෂිකාවන්ගෙන්) සමන්විත විය යුතු බවට 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතට විධිවිධාන ඇතුළත් කිරීම පිණිස සකස් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.