• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
94 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම
- ජනතාවගේ ආර්ථික හා සමාජයීය සුබසිද්ධිය ඉහළ නැංවීම උදෙසා ජනතාව විසින්ම ගොඩනඟ‍ා ගනු ලැබූ ව්‍යාපාරයක් ලෙස සමුපකාර ව්‍යාපාරය හැඳින්විය හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම ව්‍යාපාරයේ ජාත්‍යන්තර දින සැමරුම් කටයුතු 1975 වසරේ සිට සිදු කරනු ලබයි. මේ වසරේ ජාත්‍යන්තර සමුපකාර දිනය ජුලි මස 02 වන දිනට යෙදෙන අතර, ඒ අනුව 2016 ජුනි මස 25 දින සිට ජූලි මස 01 දක්වා කාලය තුළ සමුපකාර සතියක් ප්‍රකාශයට පත් කිරීමටත්, 2016 ජූලි මස 02 වන දිනට යෙදෙන සමුපකාර දිනය සමුපකාරිකයින් සමඟ එක්ව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සැමරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.