• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බල්ගේරියා ජනරජය අතර ආර්ථික සහයෝගිතා ගිවිසුම
- යුරෝපා සංගමයේ සාමාජිකයකු වන බල්ගේරියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන සමස්ත වෙළඳ පිරිවැටුම 2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.75 දක්වා වර්ධනය වී ඇත. දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා නව මංපෙත් සෙවීමටත්, හඳුනාගත් නව ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්තර් රාජ්‍ය යන්ත්‍රණයක් ඇති කරගැනීමටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බල්ගේරියා ජනරජය අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.