• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු ආසියානු රටවල සේවා වෙළඳාම සම්බන්ධයෙන් වන ගිවිසුම ක්‍රියාත්මක කිරීම
- කලාපීය වෙළඳ කටයුතු, සේවා ක්ෂේත්‍රයට ව්‍යාප්ත කිරීමේ වැඩිදුර පියවරක් වශයෙන් 2010 වර්ෂයේ භූතානයේ පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ 16 වන සැසි වාරයේදී සාමාජික රටවල රාජ්‍ය නායකයන් විසින් දකුණු ආසියානු කලාපීය රටවල සේවා වෙළඳාම සඳහා වන ගිවිසුමට (SATIS)අත්සන් තබන ලදී. මීට අදාළ කාර්යරාමු ගිවිසුම (SATIS Framework Agreement) ක්‍රියාත්මක කිරීම සඳහා එක් එක් සාමාජික රටවල බැඳීම් ලේඛන හා සම්බන්ධ කටයුතු අවසන් කළ යුතු වේ. ශ්‍රී ලංකාව මෙම ගිවිසුමෙහි ‍I කාණ්ඩයට, එනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් කාණ්ඩයට අයත් වන අතර, ඒ අනුව ලෝක වෙළඳ සංවිධානයේ දෝහා වටයේදී ශ්‍රී ලංකාව එකඟ වූ, සන්නිවේදන සේවාවන්, මූල්‍ය සේවාවන් සහ සංචාරක හා ගමනාගමන කටයුතු සම්බන්ධ සේවා යන ක්ෂේත්‍රයන්ට අමතරව නැව් හා සම්බන්ධ ක්‍රියාකරුවන් රහිත කුලී/බදු සේවා සහ ගොඩබිම ප්‍රවාහනය යන නව ක්ෂේත්‍රයන් බැඳීම් ලේඛනයට ඇතුළත් කරමින් SATIS ගිවිසුම යටතේ එකී සේවාවන් විවෘත කිරීමටත්, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය ආයතන වෙත අවශ්‍ය ඉල්ලීම් නිකුත් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.