• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතුවල විනිවිදභාවය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වන පරිගණකගත කිරීමේ ව්‍යාපෘතිය (LISA)
- ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් හා නිර්දේශයන්ට අනුව යමින් සේවකයන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීම පිණිස මෙරට රජය විසින් කලින් කල පනවනු ලැබ ඇති සේවා තත්ත්වයන්, කොන්දේසි හා සේවක සුබසාධනය ආදියට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම මෙන්ම සේවකයන් තම රැකියාවේ යෙදීමේදී සිදුවන අනතුරුවලින් ආරක්ෂා කිරීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන් පරිගණකගත කිරීමේ අදහසින් මෘදුකාංගයක් සංවර්ධනය කිරීමේ කටයුතු (Labour Inspection System Application - LISA) අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සහාය ඇතිව 2010 වර්ෂයේදී ආරම්භ කර ඇත. නිවැරදි දත්ත ලබාගැනීම, ආයතන පරීක්ෂාවේදී ඇති වන ද්විකරණයන් වැළැක්වීම, දෙපාර්තමේන්තුවේ කටයුතුවල කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ සේවක අභිප්‍රේරණ ක්‍රමවේදයක් සකස් කිරීම එහි මූලික අරමුණු වේ. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය කාර්යමණ්ඩලය හා යටිතල පහසුකම් සලසා ගනිමින් 2016 වර්ෂයේ අගෝස්තු මාසය වන විට මෙම වැඩසටහන පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.