• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීරිගම 'සෙත් සෙවණ' රජයේ වැඩිහිටි නිවාසය නවීකරණය කිරීම සහ එම නිවාසය සඳහා ජල ටැංකියක් ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය වර්තමාන සමස්ත ජනගහනයෙන් 12.4%ක් වේ. ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතන අතර, එම ජනගහනය 2041 වර්ෂය වන විට 24.8% ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිනෙන් දින ඉහළ යන වැඩිහිටි ජනගහනය පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී ගෞරවය හා අභිමානය සුරක්ෂිත වන පරිදි සිය ජීවිතයේ සැඳෑ සමය ගත කිරීම සඳහා ඔවුන්ට ඉඩප්‍රස්තාව සලසා දීම අවශ්‍ය වේ. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා අනුස්මරණය කිරීම පිණිස ස්ථාපිත කර ඇති, දැනට වැඩිහිටියන් 265ක් නේවාසිකව ජීවත් වන මීරිගම 'සෙත් සෙවණ' වැඩිහිටි නිවාසය බස්නාහිර පළාත තුළ පිහිටි රජය විසින් පවත්වාගෙන යනු ලබන විශාලතම වැඩිහිටි නිවාසය වේ. මෙම වැඩිහිටි නිවාසයේ ජල සැපයුම ඇතුළුව මූලික අලුත්වැඩියාවන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.