• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා යුක්‍රේන් රාජ්‍යය අතර උදර්පණ ගිවිසුම
- අපරාධකරුවන් තම මව්රටට ආපසු භාර දීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ අරමුණින් යුක්‍රේනය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙරට තුළ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වී යුක්‍රේනයේ රැකවරණය පැතූ තැනැත්තන් ආපසු භාර දෙන ලෙස එරට බලධාරින්ගෙන් ඉල්ලා සිටීමේ අවස්ථාව මෙමඟින් ශ්‍රී ලංකා රජය වෙත සැලසෙනු ඇත.