• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රබර් අපනයනය කිරීමේදී අය කරන සෙස් බදු මුදල සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික රබර් දේශීයව අගය එකතු කිරීමේ කර්මාන්ත විසින් පරිභෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා අමු රබර් වශයෙන් අපනයනය කරනු ලබන රබර් කිලෝවක් සඳහා රුපියල් 15/- ක පමණ සෙස් බදු මුදලක් අය කිරීම සිදු කරනු ලැබේ. දැනට මෙරට නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික රබර්වලින් 80%ක් දේශීය කර්මාන්තකරුවන් විසින් පරිභෝජනය කරනු ලබන අතර 20%ක පමණ ප්‍රමාණයක් අමු රබර් වශයෙන් අපනයනය කෙරේ. ලෝක වෙළෙඳ පොළේ රබර් මිල පහත යාමට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ද රබර් මිල පහත යාම හේතුවෙන් කුඩා රබර් වතු හිමියන් ඇතුළු වගාකරුවන් මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර දැනට පවත්නා අඩු මිල තත්ත්වය වසර 2020 පමණ වන තෙක් පවතිනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. මෙම තත්ත්වය යටතේ රබර් අපනයනකරුවන් සහ දේශීය රබර් භාණ්ඩ නිෂ්පාදකයින් අතර ස්වාභාවික අමු රබර් සඳහා තරඟකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම හරහා රබර් මිල ඉහළ යාමට සැලැස්වීම මඟින් රබර් වගාකරුවන්ට සහන සැලසීමේ අරමුණින් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, අමු රබර් අපනයනයේදී අය කරනු ලබන සෙස් බදු මුදල කිලෝවකට රුපියල් 15/- සිට රුපියල් 4/- දක්වා පහත හෙළීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.