• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගීතා මුලපිරුම (Asian Food and Agriculture Cooperation Initiative)හෙවත් (AFACI) සංවිධානයේ සිව් වන මහා මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- තිරසර කෘෂිකර්මය සහ කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය සඳහා තාක්ෂණික සහයෝගිතාව තුළින් ආසියානු කලාපයේ රටවල ආර්ථික සංවර්ධනයට දායක වීමේ අරමුණින් පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර සංවිධානයක් වන ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගීතා මුලපිරුම (Asian Food and Agriculture Cooperation Initiative) වර්තමානයේ සාමාජික රටවල් 14කින් සමන්විත වේ. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා මූල්‍යාධාර සපයනු ලබන අතර, දැනට ඒ යටතේ ශ්‍රී ලංකාව තුළ පර්යේෂණ ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සංවිධානයේ වත්මන් සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර, 2016 මැයි මස 17 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත එහි සිව්වන මහා මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.