• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 සහ 2018 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර ආගමික සමුළු සංවිධානය කිරීම
- දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව බහු ආගමික හා බහු වාර්ගික ජනතාව සඳහා අතීතයේ පටන්ම නිවහනක් බවට පත් වූ කලාපයක් වන අතර, වර්තමානය වන විට අන්තවාදී ක්‍රියාකාරකම් නිසා මෙම කලාපයේ සාමයට තර්ජන එල්ල වී ඇත. මෙම පසුබිම තුළ අන්‍ය සංස්කෘතීන් හා අන්‍ය ආගම් සම්බන්ධයෙන් ඉවසනසුලු පසුබිමක් ඇති කිරීම හා ශක්තිමත් කිරීම උදෙසා විවිධ ආගම් අතර ගැඹුරු සංවාදයක් ආරම්භ කර තිරසර ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව දැඩිව ඉස්මතු වී ඇත. ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, විදේශ කටයුතු සහ බුද්ධශාසන අමාත්‍යාංශවල අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ථෙරවාද බෞද්ධ සම්මේලනයක් 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, විදේශ කටයුතු සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශවල අධීක්ෂණය යටතේ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉස්ලාම් ධර්මය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016 වර්ෂයේ නොවැම්බර් මස 17, 18 හා 19 වන දිනවලදී කොළඹදී පැවැත්වීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.