• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපු‍ර දකුණ අදියර II ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය
- නාච්චදූව, තලාව, රඹෑව, මිහින්තලය, තිරප්පනේ කුඩා නගරය, අනුරාධපුර නගර සභාව තුළ පිහිටි ඇතැම් ප්‍රදේශද, නුවරගම් පළාත මධ්‍යම හා නුවරගම් පළාත නැ‍ඟෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරනු ලබමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත අනුරාධපු‍ර දකුණ අදියර II ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් 280,956 ක් පමණ වන ජනතාවට සෙත සැලසෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.