• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම
- ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන්සේවා පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව වාණිජමය මගී සේවා සඳහා මෙහෙයුම් ආරම්භ කළ හැකි වන පරිදි මඩකලපුව ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ගුවන්යානා පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, ගුවන්යානා ධාවන පථය, ගුවන්යානා බැහැරුම් පථය සහ ගඟන යාත්‍රා අංගණය අලුත්වැඩියා කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් 2015 වර්ෂයේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එකී වැඩ කොටස්වලින් 80%ක් පමණ දැනටමත් අවසන් කර ඇති අතර, ඉතිරි වැඩ කොටස් සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් නිම කරවා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.