• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැව් මඟින් සිදු වන දූෂණය වැළැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතියේ ඇමුණුම් අංක හය (MARPOL 73/78 Annex VI) දරන සන්ධානයට ප්‍රවේශ වීම
- නෞකා මඟින් සිදු වන වායු විමෝචනයන්ගේ අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කරනු ලබන අතර, එකී වායු දූෂණය වැළැක්වීමේ අරමුණින් 'නැව් මඟින් සිදු වන දූෂණය වැළැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතිය(MARPOL 73/78)' යටතේ වූ, නැව් මඟින් සිදු වන වායු දූෂණය වැළැක්වීම සඳහා වූ 1997 අන්තර්ජාතික සන්ධානය 2005 වසරේ සිට ජාත්‍යන්තර මටිටමින් බලාත්මක වේ. ඇමුණුම් 05කින් සමන්විත වූ මෙම සම්මුතියට 1997 වර්ෂයේදී ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු වී ඇත. නැව් මඟින් සිදුවන වායු දූෂණය වැළැක්වීමට අදාළ ජාත්‍යන්තර රෙගුලාසි ස්ථාපිත කිරීම සඳහා එම සම්මුතියට VI වන ඇමුණුම අලුතින් එකතු කර ඇත. මෙරට නෞකා හා වරාය ආශ්‍රිත කටයුතුවල වත්මන් සංවර්ධනය හේතුවෙන් නෞකා මඟින් සිදු කෙරෙන වායු විමෝචනයන්ගේ අහිතකර බලපෑමට ශ්‍රී ලංකාව ලක්ව ඇති අතර, එම වායු විමෝචන අඩු කර එමඟින් සිදු වන සෞඛ්‍යමය හා පාරිසරික බලපෑම් අවම කරගැනීම අවශ්‍ය වේ. ඒ අනුව, නැව් මඟින් සිදු වන වායු දූෂණය වැළක්වීම සඳහා 1997 සන්ධානයට අලුතින් එක් කළ ඇමුණුම් අංක VI (MARPOL 73/78 Annex VI) පිළිගැනීමටත්, එම රෙගුලාසි ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම පිණිස අවශ්‍ය නීති සම්පාදනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.