• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍ය කමිටුව
- ශ්‍රී ලාංකේය ජනතාවගේ මානව හිමිකම් ගරු කොට, ප්‍රවර්ධනය කර, ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තියයි. ශ්‍රී ලංකා රජය විසින් ස්වේච්ඡාවෙන් එළඹෙනු ලැබ ඇති ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටත්, ජාතික සංහිඳියා ක්‍රියාවලිය සහ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් මානව හිමිකම් හා සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා දීම අවශ්‍ය වන අතර, එමඟින් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පසුබිමද නිර්මාණය කෙරෙනු ඇත. 2012-2016 කාල සීමාව සඳහා ක්‍රියාත්මක කරන ලද 'ජාතික පස් අවුරුදු මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මේ' කාල සීමාව මෙම වසරේදී අවසන් වන අතර, ඉදිරි වසර පහ, එනම් 2017-2021 දක්වා කාල සීමාව සඳහා 'මානව හිමිකම් ජාතික ක්‍රියාකාරී සැලැස්ම' සකස් කිරීම සඳහා සහ මානව හිමිකම් හා සම්බන්ධ සියලුම කරුණු පිළිබඳව සලකා බැලීමට අන්තර් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.