• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳව යුක්‍රේනය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද ද්විපාර්ශ්වික ගිවිසුම
- අපරාධ සම්බන්ධ කරුණුවලදී අන්තර්ජාතික නෛතික සහයෝගීතාව දැක්වීම එවැනි අපරාධ මැඬලීමෙහි ලා බෙහෙවින් වැදගත් වේ. වෙනත් රටවල සිදුවන සාපරාධී කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය එම රටවල් වෙත දැක්වීමටත්, එම රටවල්වල සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමටත් විදෙස් රටවල් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීම පිණිස 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීම පිළිබඳ පනත මඟින් විධිවිධාන සලසනු ලබයි. ඒ අනුව, විමර්ශන පැවැත්වීම, නඩු පැවරීම, අපරාධ වැළැක්වීම සහ සාපරාධී කටයුතුවලින් උපයන මුදල් රාජසන්තක කිරීම යන කරුණුවලදී දෙපාර්ශ්වයේම බලාත්මකව පවතින නීති සවිබල ගැන්වීමේ පරමාර්ථයෙන් සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර ගිවිසුමක් ඇති කරගැනීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.