• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය සිට කොලොන්නාව දක්වා තෙල් නළ එළීමේ ව්‍යාපෘතිය
- කොළඹ වරාය සිට කොලොන්නාව ඉන්ධන නිමාව දක්වා තෙල් නළ ‍එළීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් හිතකර ප්‍රසම්පාදන ක්‍රමවේදය වශයෙන් 'රජයක් විසින් තවත් රජයක් වෙත' (Government to Government - G to G) යන ක්‍රමවේදය අනුගමනය කරමින් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.