• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීන රජයේ මූල්‍ය පහසුකම් යටතේ රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම
- දශක තුනක් පමණ පැවති යුද ගැටුම් හේතුවෙන් ඉතාම දුර්වල තත්ත්වයක පැවැති, උතුරු - නැ‍ඟෙනහිර පළාත්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් 2010 වසරේදී සැලසුම් කරන ලද ඉහත ව්‍යාපෘතියේ විෂයපථය වර්තමාන තත්ත්වයන්ට අනුකූලව වෙනස් කරමින්, චීන රජය විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 85ක මූල්‍යමය සීමාව තුළ දිවයිනේ සියලුම පළාත්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණුවට හේතු වන පරිදි, පළාත් රෝහල්ද ඇතුළත්ව දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරාගත් රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට හා රෝහල් ගොඩනැඟිලි ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.