• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර අදියර IV ජල සම්පාදන ව්‍යාපෘතිය
- මාතර හා තදාසන්න ප්‍රදේශවල ග්‍රාම සේවා කොට්ඨාස 231ක වාසය කරන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් මාතර අදියර IV ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව හා වැදගත්කම සැලකිල්ලට ගනිමින් ජාතික සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.