• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ කුරුණෑගල අතර ද්විත්ව දුම්රිය මාර්ගය ඉදි කිරීම
- ඉන්දියානු ණය ආධාර (Indian Line of Credit) ය‍ටතේ උතුරු හා තලෙයිමන්නාරම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට සැලකිය යුතු මට්ටමකට නිම කරනු ලැබ ඇති අතර, මෙම කාර්යය අවසන් වීමෙන් පසුව ද ඉතිරි වනු ඇති බවට ගණන් බලා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ‍ මුදල උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා ගතවන කාලය අඩු කිරීමේ අරමුණින් පොල්ගහවෙල සහ කුරුණෑගල අතර වැඩිදියුණු කරන ලද සංඥා පද්ධතියක් සහිතව පවතින දුම්රිය මාර්ගයට සමාන්තරව අමතර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා භාවිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.