• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම
- සිංහල භාෂාවෙන් වර්තමානයේ ව්‍යවහාර කෙරෙන 'කසළ තේ' යන වචනය වෙනුවට එයට වඩාත් ගැළපෙන 'ප්‍රතික්ෂේපිත තේ' යන වචනය යොදා ගනිමින්ද, එබඳු ප්‍රතික්ෂේපිත තේ සම්බන්ධයෙන් නියෝග සැකසීම සඳහා අමාත්‍යවරයා සතු බලතල ශක්තිමත් කරමින්ද පනත යටතේ දැක්වෙන වරදකට වරදකරුවකු වූ පුද්ගලයකුට එරෙහිව අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් 50,000/- සිට රුපියල් ලක්ෂ 5 දක්වා සහ වරදක් සමථයකට පත් කිරීමේදී අය කළ හැකි උපරිම මුදල රුපියල් 10,000/- සිට රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළ නංවමින්ද 1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.