• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දන්තායතනය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ක්‍රියාත්මක කිරීම
- මුඛ සෞඛ්‍ය ආශ්‍රිත රෝගී සත්කාරක සේවා සඳහා වැඩි වන ඉල්ලුම සපුරා ලීමට මෙන්ම දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉගැන්වීමේ අවශ්‍යතා ඉටු කිරීම පිණිස කොළඹ දන්තායතනය නවීන තාක්ෂණයෙන් හා පහසුකම්වලින් සමන්විත ආයතනයක් ලෙස වැඩිදියුණු කිරීමේ කටයුතු අදියර දෙකකින් සිදු කිරීමට සැලසුම් කරන ලදී. ඒ අනුව, එහි පළමු අදියර මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, එහි දෙවන අදියර යටතේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය, ශල්‍යාගාර, වාට්ටු, එක්ස් කිරණ අංශය, ගබඩා පහසුකම්, පරිපාලන හා අනෙකුත් ඒකකවල පහසුකම් පුළුල් කරමින් සහ රසායනාගාරයේ නව පහසුකම් ඇති කරමින් මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෝජිතය. ඒ අනුව, කොළඹ දන්තායතනය සංවර්ධනය කිරීමේ දෙවන අදියරෙහි කටයුතු රුපියල් මිලියන 1,200ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සිදු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.