• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධ දඩ මුදල් සංශෝධනය
- අනෙකුත් මගී ප්‍රවාහන සේවාවන්ට සාපේක්ෂව දුම්රිය සේවය ඉතාම සහනදායී ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කරන නමුත් ඇතැම් දුම්රිය මඟීන් තවමත් ප්‍රවේශ පත්‍ර ලබා නොගෙන හෝ තම ප්‍රවේශ පත්‍රයට අදාළ නොවන ඉහළ පංතිවලට අයත් දුම්රිය මැදිරි තුළ ගමන් කරන බව වාර්තා වී ඇත. සුරක්ෂිත හා කාර්යක්ෂම දුම්රිය සේවයක් සැලසීමේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වර්ධනය කරගැනීමේත්, ප්‍රවේශ පත්‍ර නොගෙන දුම්රියේ ගමන් ගන්නා මඟීන් අධෛර්යයට පත් කිරීමේත් අරමුණින් දුම්රිය ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධයෙන් පනවනු ලබන දඩ මුදල සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යොජනාව සැලකිල්ලට ගෙන දැනට පවතින රුපියල් 1,500/- ක උපරිම දඩ මුදල රුපියල් 3,000/- දක්වා ඉහළ නැංවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.