• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- මුදල් නීති පනතේ විධිවිධානවලට අනුකූලව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා සකස් කර ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, මහ බැංකුවේ ගිණුම් කටයුතු, මුදල් ප්‍රතිපත්තියට අදාළව පසුගිය වසරේ ගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන, සම්මත කරන ලද ප්‍රධාන නීතී අණපනත් සහ සංඛ්‍යා ලේඛන ඇතුළත්, 2015 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ‍ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.