• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් ලබා දෙනු ලබන ප්‍රදාන
- වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකාව සතු වෙරළ තීරයෙහි සිදු කරනු ලබන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම මඟින් දෙපාර්තමේන්තුව සතු හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් මීටර් 30 ක පමණ දිගින් යුතු මුර සංචාරක යාත්‍රා ‍2ක් ලබා දීම ඇතුළු අවශ්‍ය වෙනත් සහායයන් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දීම පිණිස ජපාන රජය එකඟ වී ඇත. ඒ වෙනුවෙන් ජපන් යෙන් 1,830,000,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,400)ක ප්‍රදානයක් ලබාගැනීම සඳහා ‍ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ ප්‍රදාන ආධාර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.