• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍යවරුන්ගේ විෂයපථයට අදාළ කටයුතු සිය ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමේදී පැන නැ‍ඟෙන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දීම
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් නියෝජනය කරන ප්‍රදේශවල පවතින ගැටලු නිරාකරණය කරගැනීම පිණිස අදාළ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සෑම මසකම පාර්ලිමේන්තුව රැස්වන දෙවන සතියේ අඟහරුවාදා දිනවල පස්වරු 2.00 සිට අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සිය එකඟතාව පළ කරන ලදී.