• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල වැටුප් සංශෝධනය - 2016
- රජයේ සේවකයින් සඳහා ඔවුන්ගේ මූලික වැටුපට අමතරව ලබා දුන් විශේෂ දීමනා සහ රුපියල් 10,000/-ක් වූ අන්තර් දීමනාව අදියර වශයෙන් මූලික වැටුපට එකතු කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය පරිදි අංක 03/2016 දරන 20160225 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කරන ලද අතර, ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරින්ගේ වැටුප් මේ වන විටත් සංශෝධනය කරනු ලැබ ඇත. ඊට සමගාමීව රාජ්‍ය සංස්ථා, ව්‍යාවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල මූලික වැටුප් සංශෝධනය කිරීම පිණිස ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි සකස් කරනු ලැබ ඇති චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.