• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ පරිපාලන, නවාතැන් සහ වාහන නැවතුම් පහසුකම් ඉහළ නංවීම සඳහා මහල් 03කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ප්‍රභූ ආරක්ෂාව සැලසීම, කැරලි මර්දන ක්‍රියාකාරකම් සිදු කිරීම සහ පාතාල ක්‍රියාකාරකම් මැඬලීම ඇතුළත්ව නීතිය හා සාමය රැකීම පිණිස ආරක්ෂිත ක්‍රියාන්විතයන්හි නිරත වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරින් සැලකිය යුතු ප්‍රමාණයක් දෛනික රාජකාරියෙහි නිරත වේ. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කඳවුරේ පරිපාලන, නවාතැන් හා වාහන නැවතුම් පහසුකම් ඉහළ නැංවීම සඳහා මහල් 03කින් යුත් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 58.6ක පිරිවැයකින් ඉදි කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 - 2019 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.