• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ රාජ්‍ය නිවේදිත නිලධාරින් සඳහා නවාතැන් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් කඳවුරට රාජකාරි හා සේවා අවශ්‍යතා සඳහා පැමිණෙන රාජ්‍ය නිලධාරින් සහ විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ නවාතැන් පහසුකම් සඳහා දැනට පවතින වසර 40ක් පැරණි ගොඩනැඟිල්ල වෙනුවට නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 24.6ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 - 2019 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.