• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සඳහා යෝජිත මහල් 17කින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු
- මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා 2000 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දි ඇති නමුත් විවිධ හේතූන් නිසා ඉදි කිරීම් කටයුතු ප්‍රමාද වී ඇත. 2014 වර්ෂයේදී ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා කොන්ක්‍රීට් කුලුනු සහිත පාදම ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. රුපියල් මිලියන 5,688.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදි.