• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු දිග කොටස වන පින්නදූව සිට ගොඩගම දක්වා කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි ප්‍රතිපාදන භාවිත කර නව ව්‍යාපෘති 03ක් ක්‍රියාත්මක කිරීම
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු දිග කොටස වන පින්නදූව සිට ගොඩගම දක්වා කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි ප්‍රතිපාදන රුපියල් බිලියන 1.93ක් භාවිත කර ප්‍රාදේශීය මාර්ග 11ක් පුනරුත්ථාපනය කිරීම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් රාජකාරි කටයුතු සඳහා මෝටර් රථ 04ක් මිල දි ගැනීම සහ එකී අධිවේගී මාර්ගයේ 114 කිලෝමීටරය ආසන්නයේ බෑවුම් බිඳවැටීම් ප්‍රතිසංස‍්කරණය කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.