• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ යෝජිත වෛද්‍ය පීඨය සඳහා ඉඩමක් මිල දී ගැනීම හා ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
- 1991 වසරේදී ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපනය කරන ලද වයඹ විශ්වවිද්‍යාලය දැනට අධ්‍යයන පීඨ 4කින් සමන්විත වේ. මෑතකදී ශීඝ්‍ර දියුණුවකට පත්ව ඇති කුරුණෑගල ජාතික රෝහල සම්බන්ධ කරගනිමින් වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සඳහා තීරණය කරනු ලැබ ඇත. ඒ සඳහා ඉඩමක් මිල දි ගැනීමටත්, අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම සහ යටිතල පහසුකම් සැපයීම පිණිසත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.