• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නව ටයර් කට්ටල ප්‍රසම්පාදනය කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය නව ටයර් කට්ටල ප්‍රසම්පාදනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි. මේ සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,108 ක් පමණ වැය වනු ඇත.