• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත හා සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
- ඉහත ආඥාපනත් වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කර ඒකාබද්ධ පනතක් ලෙස සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ගනු ලැබ ඇති තීරණය පරිදි යෝජිත සංශෝධනද ඇතුළත් කර එකී පනත් දෙක ඒකාබද්ධ කොට නව පනත් කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එසේම අයාලේ යන සුනඛයින් නිසා මහජනතාවට අත්විඳීමට සිදු වන ගැහැට හා සෞඛ්‍ය තර්ජනය පිළිබඳවද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන‍ ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට දැන්වීමට තීරණය කරන ලදී.