• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිල කාලය දීර්ඝ කරන ලද පළාත් පාලන ආයතනවල කටයුතු විධිමත් කිරීම
- නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන ගණනාවක නිල කාලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත හිමි වූ බලතල මත දීර්ඝ කරනු ලැබ ඇත. එකී පළාත් පාලන ආයතන අතුරින් ඇතැම් ආයතනවල නිල කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ අක්‍රමිකතා සිදු වන බවට පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වෙත පැමිණිලි ලැබීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා නිර්දේශ ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා‍ංශයේ ලේකම් සහ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් යන අයගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ පරිදි අවශ්‍ය පියවර ගැනීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.