• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රදේශයේ පදිංචි ඉඩම් නොමැති ජනතාවට බෙදා දීම පිණිස ආනමඩුව තෙන්නන්කුරියාවවත්ත ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ආපසු භාර දීම
- ආනමඩුව ප්‍රාදේශීය ලේකම්ගේ අධික්ෂණය යටතේ ඉඩම් කච්චේරියක් පවත්වා තෝරා ගනු ලබන, ප්‍රදේශයේ ඉඩම් අහිමි ජනතාව අතර බෙදා දෙනු පිණිස හෙක්ටයාර 9.6ක් වන තෙන්නන්කුරියාවවත්ත ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත නැවත භාර දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.