• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහරගම පිළිකායතනය සඳහා නවීන වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු නිම කිරීම (රසාවි ව්‍යාපෘතිය)
- එක්සත් රාජධානියේ අහමඩ් ටී සමාගම සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය සහිතව මහරගම පිළිකා රෝහලේ වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා රජය විසින් ලබා දෙනු ලබන දායකත්වය තවදුරටත් වැඩි කිරීම මඟින් මෙම වාට්ටු සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.