• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීම
- දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය 2016 අප්‍රේල් මස 22 වන දින නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතය. ඊට අමතරව ලෝක මත්ද්‍රව්‍ය අර්බුදය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවද, තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගනු වස් ඉහළ මට්ටමේ තේමාත්මක විවාදය ද ඒ ආසන්න දිනයන්හිදී පැවැත්වේ. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස හා ඒ හා සමගාමීව පැවැත්වෙන අනෙකුත් වැඩසටහන්වලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාට බලය පැවරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.