• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුව හා චීන සංවර්ධන බැංකුව (China Development Bank) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- දේශීය මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම, දේශීය මුදලේ ස්ථායිතාව සහ ශ්‍රී ලංකා රුපියලේ ජාත්‍යන්තර ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් දියුණු කිරීම යන අරමුණුවලට අදාලව පුළුල් සහයෝගී පදනමක් මත කටයුතු කිරීම පිණිස මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ බැංකුවක් වන චීන සංවර්ධන බැංකුව (China Development Bank) සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර වන අවබෝධතා ගිවිසුමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ චීන නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.