• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016-2018) - 2016 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන
- ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016 - 2018) වේගවත් කරමින් ඊට අදාළව 2016 වර්ෂයේදී සිදු කිරීමට යෝජිත, අතිරේක භෝග නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතභාවය ළඟා කරගැනීම සඳහා අවශ්‍ය බීජ හා ‍රෝපණ ද්‍රව්‍ය යල කන්නයේදී නොමිලේ ලබා දීම, 'වස විසෙන් තොර ගොවිතැන' ප්‍රවර්ධනය සඳහා වස විසෙන් තොරව වී වගා කරන ගොවීන් තවදුරටත් දිරි ගැන්වීම හා එම අස්වනු අලෙවි කරගැනීමට පහසුකම් සැලසීම, සමස්ත වැඩසටහන මෙහෙයවීම, අධීක්ෂණය, පසුවිපරම හා ප්‍රගති සමාලෝචනය පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් පිළිබඳ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.