• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වන පුද්ගලයින්ට වන්දි ලබා දීම
- කොළඹ අගනගරය හා තදාසන්න ප්‍රදේශවල ගංවතුරෙන් වන බලපෑම පාලනය කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආයතනික සංවර්ධනය යන අරමුණු පදනම් කරගෙන උප ව්‍යාපෘති 56 ක් ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන කොළඹ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියේ බොහෝ ඉදි කිරීම් සහ අලුත්වැඩියා කිරීම් ප්‍රධාන නගර හා ජනාකීර්ණ ප්‍රදේශ හරහා සිදු කිරීමට නියමිත අතර, යෝජිත ක්‍රියාකාරකම් සඳහා පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීමට ද සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය අප්‍රමාදව සිදු කිරීමට සහ ඉඩම් අත්පත් කර ගැනීමේදී හා වන්දි ගෙවීමේදී අදාළ පාර්ශ්වයන්ට උපරිම සාධාරණයක් ඉටු වන පරිදි විශේෂ ව්‍යාපෘති සඳහා ඉඩම් පවරා ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින්ට වන්දි ගෙවීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රමවේදය ඇතුළත් අංක 1864/54 හා 2014-05-30 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පනවන ලද ඉඩම් අත්පත් කරගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග අදාළ කරගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.