• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන, ආර්ථික හා තාක්ෂණය සම්බන්ධ විස්තීරණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා චීන මහජන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව නව මාවතකට යොමු කරමින් ප්‍රධාන ආර්ථික අංශයන්හි ආයෝජන සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා සාම්ප්‍රදායික නොවන මූල්‍යමය ක්‍රමවේද මඟින් ශ්‍රී ලංකාව තුළ ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිණිස චීන ව්‍යවසායකයින් දිරිගැන්වීමට රජය විසින් කටයුතු කරනු ලබයි. ඒ අනුව දෙරට අතර ආයෝජන, ආර්ථික සහ තාක්ෂණික ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ චීන නිල සංචාරය අතරතුර අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.