• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
- යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම වෙනුවෙන් ජපන් යෙන් 1,667,00‍0,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,100ක්) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. උතුරු පළාතේ වියළි කලාපීය කෘෂිකාර්මික පර්යේෂණ සහ අධ්‍යාපනික හා ප්‍රවර්ධන වැඩසටහන් කාර්යක්ෂමව සිදු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වන අතර, සත්ත්ව පාලන විද්‍යාව, භෝග විද්‍යාව, කෘෂිකාර්මික රසායන විද්‍යාව, කෘෂිකාර්මික ජීව විද්‍යාව, කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව, කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව වැනි අංශයන්හි අනාගත ඉල්ලුම සපුරාලීම සඳහා කෘෂිකර්ම පීඨයේ විශේෂඥ ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීමද මේ යටතේ සැලසුම් කොට ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ ප්‍රදාන ආධාර ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.