• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීන සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය 3-II වන අදියර යටතේ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම
- චීන සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය 3-II වන අදියර යටතේ, මධ්‍යම හා සබරගමු පළාත්වල පිහිටි, කිලෝමීටර 128.85 ක සම්පූර්ණ දිගකින් යුත් මාර්ග 20ක් සංවර්ධනය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.