• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම
- යම් රටක් මධ්‍ය ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා ගමන් කිරීමේදී ඊට මහෝපකාරී වන නව නිපැයුම් සහ නවෝත්පාදනයන් බිහි කිරීම උදෙසා වන සියලු පහසුකම් සහ දිරි ගැන්වීම් නව නිපයුම්කරුවන් වෙත සපයා දීම එම රටේ වගකීම වේ. ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් වෙත නිසි පිළිගැනීමක් ලබා දීම, ඔවුන් දිරි ගැන්වීම සහ ඒකරාශි කිරීම සඳහා ලක්මව බිහි කළ විශිෂ්ට ගණයේ සිවිල් ඉංජිනේරුවරයකු, නව නිපැයුම්කරුවකු සහ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ප්‍රථම කොමසාරිස්වරයා වූ දේශබන්දු ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මැතිතුමාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 26 දිනය, 'ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය' ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.